පියාඹන පීරිසි ඇත්තක්ද?

(UFO –Unidentified flying objects) 

හදුනා නොගත් පියාසර වස්තූන් එසේත් නැතිනම් පියාඹන පීරිසි අතීතයේදි මිත්‍යාවක් සේ සැලකුවද වර්තමානය වනවිට බොහෝ රටවල ආරක්ෂක අංශ  විසින් පිළිගන්නා තත්වයට පත් වී ඇත.මෙම පියාඹන පීරිසි සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් ඇත.අතීතයේදි මේ සම්බන්ධව පිළීනොගැනීමට විශේෂම හේතුව නම් මෙම සිදුවීම් සමහරක් ඉතා සංකීර්ණ වීමත් සාමාන්‍ය විද්‍යාත්මක තර්කනයෙන් පැහැදිලි කිරීමට නොහැකිවීමත්‍ ය. එබැවින් බොහොමයකට ආගමික අර්ථකතනයක් දී බැහැර කිරීමක් දක්නට ලැබෙයි.කෙසේවෙතත් වසර සිය ගණනකට පෙර සිදු වූ විවිධ UFO දර්ශනය වීම්  නිරීක්ෂය කර තිබුනේ හොඳින් පුහුනුව ලැබූ, අමුතු වස්තු ආදිය වෙන් කර ගැනීමට හොදින් ඇස් පුරුදු කල ගඟන ගාමීන්, ගුවන් යානා නියමුවන්, යුධ ගුවන් යානා නියමුවන්, රේඩාර් වැනි පද්ධති ක්‍රියාකරුවන් වැනි පුද්ගලයන් විසිනි.  තාරකා හා භෞතික විද්‍යාඥයින්, අනෙකුත් ක්ෂේත්‍ර වල විද්‍යාඥයින් මේ අතර වෙයි. ඒ වගේම ඉතිහාසයේ සිට වර්තමානය තෙක් දහස් සංඛ්‍යාත සාමාන්‍ය ජනයා විසින්ද නිරීක්ෂය කර ඇත. එමෙන්ම මෙම දර්ශනය වීම් වලින් පසු ඉතිරිවී ඇති විවිධ අසාමාන්‍ය ලක්ෂ සහිත භෞතික සාක්ෂි වැනි දේ මේ දර්ශනය වීම් තවතවත් තහවුරු කරයි.  මේ නිසාම අමෙරිකානුවන් විසින් මේ පිලිබද අධ්‍යනය කිරීම සඳහාම වෙනම ව්‍යාපෘතියක්  Blue Book නමින් ආරම්භ කොට ඇත. එහි හඳුනා නොගත් වස්තු දර්ශනය වීම් 12,618 පිළිබඳ වාර්තා අන්තර්ගත වන අතර ඉන් බොහෝ දේ සදහා ස්වභාවික හේතු(වලාකුළු,තරු) හා සාම්ප්‍රදායික ගුවන්යානා පිළිබඳව හඳුනාගැනීම් ලෙස අර්ථ දක්වා තිබුනද එයින් වාර්තා 701ක් සැබැවින්ම හදුනා නොගත් පියාසර වස්තු ලෙස නම් කොට තිබේ. මේ ලෙසම අප්‍රසිද්ධියේ මේ පිළිබඳව දත්ත රැස් රැසියාව එංගලන්තය වැනි රටවල්ද ඔවුන්ගේ වාර්තා පසුගිය වසර වලදී එලි දක්වනලදි.

මෙහිදී සුප්‍රකට UFO සිද්ධියක් ලෙස Elite Truong Roswell සැලකේ.නමුත් එය හඳුනානොගත් පියාසර වස්තූන් පිළිබද සිද්ධීන්හි ආරම්භය හෝ අවසානය නොවේ. වසර දහස් ගන්නක් තිස්සේ විස්තර කර ඇත්තේ ආලෝකය, ගින්න, වලාකුළු ආදී ස්වරූපයෙන් යුතු පියාසර ව්‍යුහයන් දැකීමෙනි. නමුත් 20 වන ශතවර්ෂයේදී පිටසක්වල ජීවීන් පිළිබද මිනිසුන්ගේ සංස්කෘතික ආකල්පය වර්ධනය වීමත් සමඟ UFO දර්ශනයවීම් පිළිබද වර්තාවීම්වල වැඩිවීමක්ද දක්නට ලැබෙයි.

ඉතාමත්ම අසාමාන්‍ය සිදුවීමක් වාර්තා වෙන්නේ 1989 රුසියාවේ වොරනෙෂ් නගරයේ උද්‍යානයකිනි . කීප දිනක් තිස්සේ රාත්‍රි අහසේ චලනය වුනු ආලෝක ලප වලට පසු එක් දිනක් රත් පැහැයෙන් බැබලුනු ආලෝකයක් කෙමෙන් නිල් පැහැ එලියකට හැරෙමින් මෙහි නගර උද්‍යානයට පහත්කිරීමක් දක්නට ලැබී ඇත. එය තනිකරම පාවෙන දිලිසෙන ගෝලයක්.  පාද කීපයකින් පොලවට ට පහත් වූ පසු සාමාන්‍ය මිනිසාට වඩා සාමාන්‍ය ලෙස විශාලත්වයකින් යුක්ත වුනු ජීවියකු හා රොබෝවෙක් යැයි සිතිය හැකි යන්ත්‍රයක් ඉන් පිටතට පැමිණ තිබේ. මේ වන විට කුඩා ලමුන්ද ඇතුලු පහක පමන ජනකායක් උද්‍යානයේ රැස්ව මෙය නරඹා තිබුණී. ජීවීන් ඇවිද යත්ම බියපත්වූ කුඩා ලමුන්ගේ කෑ ගැසීම් හා මිනිසුන්ගේද කලබලය තුල එක් වරම මේ යානයද ඇතුලු සියලුම දේ ක්ෂනික නොපෙනී ගිය බවද සදහන්ය . නැවතත් මොහොතකින් දර්ශනයට පැමිනි යානය හා ජීවින් ගෙන් මෙවර විශාල සත්ත්වයා කුඩා දරුවකු වෙත එල්ල කල යම් බටයක් වැනි දෙයකින් එම දරුවා අතුරුදහන් වී ගිය බව්ත් සදහන් වේ . සුලු වේලාවකින්ම නැවතත් යානය තුලට වැදුනු මොවුන් ක්ෂණිකව ඉහල අහසේ නොපෙනී ගොස් ඇති අතර අතුරු දහන් වුනු දරුවා නැවතත් දර්ශනය වූවේ ඉන් පසුව බවයි සදහන් වෙයි. මේ  පසුකාලීනව  ඩිස්කවරි නාලිකාව ඔස්සේ මේ සිදුවීඹට මුහුන දුන් පිරිස් ඔවුනගේ අද්දැකීම් විස්තර කල ආකාරය. 

https://www.youtube.com/watch?time_continue=259&v=T3gJg0Y9HDI&feature=emb_logo

1967 මියාමි හි ක්‍රෙස්ට්විව් ප්‍රාථමික පාසලක සියයක් පමන සිසුන් හා ගුරුවරු දෙදෙනෙක්ද ඔවුන්ගේ පිට්ටනියට මීටර් කීපයක් ඉහල අහසේ පාවෙමින් තිබුනු මීටර් ගණනක විශ්කම්භයකින් යුතු, පීරිසි හැඩැති යානාවක් හා එහිම ඩ්‍රෝන දෙකක් වැනි යානා දෙකක් නිරීක්ෂනය කර තිබුනා. කිසිදු ආධාරයකින් තොරව නිදහසේ පාවමින් තිබුනු මේ යානව එහි පැමිණ තිබුනේ දෙවනි දිනටයි.  මෙහිදී ළමුන් මෙය නරඹා තිබුනේ බියකින් තොරව කුතුහලයෙන් හා විශ්මයෙන් යුතුවයි. මෙම නිසාමදෝ එක් වරම යානය ක්ෂණිකව අසල තිබුනු ගසක් තුලට ඇදී ගොස් නොපෙනී ගිය බව සදහන් වේ. නැවතත් ස්වල්ප මොහොතකින් සියලු දෙනා පුදුමයට පත් කරමින් ගස තුලින් එලියට ඇදී ආ යානය සිතා ගත නොහැකි අධික වේගයකින් අතුරුදහන්ව ගොස් තිබෙන අතර මේ සිදුවීම ඇත්තටම අමෙරිකානු blue book ව්‍යපෘති වාර්තාවේ දැක්වෙන ආකාරයට එහි නිගමනය සිසුන් හා ගුරුවරුන් දැක තිබෙන්නේ හෙලිකොප්ටරයක් බවයි.  අදටත් ජීවත්ව සිටින මේ සිසුන් තමුන් එදා ඒ දුටු දේ කිසිලෙසකවත් හෙලිකොප්ටරයක් බවට පිළිනොගනී.

එමෙන්ම 1958 පැපුවා නිව් ගිනි වල මිෂනාරිවරයුකු හා ඔහුගේ සේවක පිරිස දුටු පියාඹන පීරිසි සිදුවීමකදීද දිලිසෙන එලි දෙකකට මැදි වුනු දිලිසෙන පැතලි වස්තුවක් හා එහි ඉහල මිනිස් රුවට සමාන ඇති ජීවීන් පිරිසක් දැක මිෂනාරිවරයා ඔවුන්ට අත වැනීමේදී ඔවුන්ද ප්‍රතිචාර ලෙස අතවනා ඇති අතර මෙයත් ඉතාමත් ප්‍රසිද්ද සිදුවීමක්. (කෙටි චිත්‍රපටය https://www.youtube.com/watch?v=0135-dCw7Kg&t=2s)

මීට අමතරව ශ්‍රී ලංකාවේද සිය ගණනක් ජනයා ලංකාව පුරා UFO දර්ශන  නිරීක්ෂණය කර ඇත. දිඹුලාගල කඳු මුදුනට ආලෝක ධාරා පහත්වීමේ සිද්දිය ඒ අතර වෙයි.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පිහිටි දිඹුලාගල කන්දට  2017 වර්ෂයේදි අලුයම 1.00ට පමණ අහසින් ආ ආලෝක ධාරා රැසක් පහත් වූ බව ප්‍රදේශයේ කුඹුරු රැකීමට ගොස් සිටිගොවීන් විසින් දුටු බවත් විවිධ ආලෝක ධාරා විහිදුවමින් අහසින් පැමිණි ළානිල් හා කහ, රන් වර්ණයෙන් යුතු එම එළි ජාලාව දිඹුලාගල කන්දේ පිහිටා ඇති අහස් මාලිගාව දෙසට පහත් වී එක්වරම නොපෙනී ගිය බවද ඇසින් දුටු ගොවීහු සඳහන් කර ඇත.

වන අලින්ගෙන් කුඹුරු රැකීමට ගිය සහ කුඹුරුවලට මුර ජලය හැරවීමට ගිය දිඹුලාගල නවමිල්ලාහ, නාමල්පොකුණ, දලුකාන ප්‍රදේශවල ගොවීහු කිහිපදෙනකුම එම ආලෝක ධාරාව දැක ඇත.

දිඹුලාගල කන්දත් කන්දේගම  පිටසක්වළ ජීවින්ගේ නවාතැන්පොළක් ලෙස ජනවහරේ කියැවෙන අතර. පිටසක්වළ ජීවීන් පොළවට පහත්වන රාත්‍රි කාලයේ මේ ස්ථාන දෙකටම ආලෝක විහිදුවීමක්  සිදුවන බවත්  ජීවීන් රැඳී සිටින බවට සලකුණු රැසක් දිඹුලාගල කන්දේ පිහිටලා අති බවටද අ මතයක් පවතී.

1997 ඇරිසෝනාවේ ආණ්ඩුකාරයා ඇතුලු සිය ගණන් මිනිසුන් විසින් දැක ගත් පීනීක්ස් ලයිට්ස් නමින් හැදින්වෙන සිදුවීමත් ඉතාමත් ජනප්‍රිය සිදුවීමකි. පාදම රහිත ත්‍රි‍කෝණාකාර වස්තුවක ආලෝකයන් හෝ නැතිනම් වෙන් වෙන්ව ත්‍රිකෝණා කාර හැඩයට ගමන් කල ආලෝක ධාරා පිලිබදව මෙහිදී වාර්තා වී තිබුණි.


තවත් ඉතාමත් ප්‍රසිද්ධ සිදුවීම් කීපයක්

 

එබැවින් UFO යනු කිසිදින පෘතුවිවාසීන්ගේ තාක්ෂයක් නොවන අතර පිටසක්වල UFO අසත්‍ය ලෙස ප්‍රකාශකිරීමට සමත් පදනමක්ද තවමත් ගොඩනැගී නොමැත.  එමෙන්ම පැහැර ගැනීමට ලක්වූ බව හා පර්යේෂයන්ට ලක්වූ බව කියන බොහෝ දෙනෙක් truth test වලින් සමත් වීඇති අතර මෝහනය හරහා කලින් මතකයේ නොතිබුනු අත්දැකීම් විස්තර කිරීම මගින්ද මෙවැනි හදුනා නොගත් පියාසර යනා පිළීබද තොරතුරු තහවුරුවීමක් ක්නට ලැබෙයි. එබැවින් සත්‍යතාවය තවමත් තහවුරු කර නොමැති පමණින් අසත්‍ය යැයි බහැරකළ නොහැක.

රචනය- ඉසුරංගි බණ්ඩාර

         කෘෂිකර්ම පීඨය