Serendib1.0 Discussion

Serendib1.0 Discussion

9 Jan 2021

අපි balloon එක යවන්න තීරණය කළේ දෙසැම්බර් 26 වනදා. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන අපේ ව්‍යාපෘතියට අනුග්‍රහය දැක්වූ Huawei, Creately, Access Engineering, Technosolutions සහ Evolve යන ආයතනයන්ට.

මුලින්ම අපිට balloon එකට යොදාගන්න prediction softwares වල නිරවද්‍යතාව තහවුරු කර ගන්න අවශ්‍ය වුණා. ඒකට අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ දත්ත ලබා ගැනීමට යවන බැලුන් අපගේ මෘදුකාංග මගින් predict කළා. එමඟින් ලැබුණු දත්ත අනුව අපේ softwares නිවැරදි බව තීරණය කරන්න අපිට පුළුවන් වුණා. අපි ඉහලට යැවූ බැලුම් පද්ධතිය ප්‍රධාන වශයෙන් කොටස් හතරයි.


* බැලූන් එක - ස්කන්ධය කිලෝ ග්‍රෑම් 1.5 යි බැලූනය පිරවීමට Helium වායු භාවිත කරන ලදී.

* පැරශුට් එක - මේ සඳහා අපි භාවිත කළේ rocket man 4 feet වර්ගයේ පැරෂුටයක්. එමගින් නැවත පොළොවට පතිත වීමේ දී බැලූයේ වේගය අඩු කරනවා.

* radar reflector - මෙමගින් ඉහළ අවකාශයේ දී අනෙකුත් පියාසර වස්තූන් වලට බැලූනය හඳුනා ගැනීමට හැකි වෙනවා.

* playload - අපගේ ගමන් පථය වීඩියෝ කර ගැනීමට මෙහි ප්‍රධාන වශයෙන් කැමරා දෙකක් අන්තර්ගත වෙනවා. තවද මෙහි tracking කිරීමට සහ දත්ත පොළොව වෙතට එවීමට radio sonde එකක් අන්තර්ගත වෙනවා. Radio sonde එක මගින් පොළවට එවන දත්ත ලෙස උෂ්ණත්වය, වායුගෝල පීඩනය, ආර්ද්‍රතාව, GPS location, සුළඟේ වේගය සහ උන්නතාංශය දැක්විය හැකියි. මෙයට අමතරව මෙහි ඇති sport tracer උපකරණය මඟින් ද බැලුම් පද්ධතිය track කරනවා. තවද මෙම payload එකේ අන්තර්ගත gas collection ඇටවුමක් මගින් බැලූනය ඉහලට ගිය විට වායු සාම්පල එක් රැස් කර ගන්නවා.


ඉන්පසුව බැලූන් එක tracking කරගැනීමට සහ බැලූන් එක මගින් දත්ත ලබාගැනීමට අවශ්‍ය antenna අප විසින් සාදා ආතර් සී. ක්ලාක් ආයතනය මගින් ඒවා පරීක්ෂා කර බැලුවා. 26 දිනට පෙර දිනයේ බැලුන් පද්ධතියේ සමහර කොටස් එකලස් කරගත්තා. 26 වැනිදා උදෑසන 5.30 ට පමණ දඹුල්ල ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී අපි balloon එකට වායුව පිරවීම ආරම්භ කළා.

බැලූනය සම්පූර්ණයෙන්ම වායුවෙන් පිරවීමට අපිට පැයක පමණ කාලයක් ගත වුණා. උදෑසන 7.45 ට පමණ බැලූන උඩු ගුවනට යැවීමට අපිට හැකිවුණා. බැලුනය track කර ගැනීම සඳහා tracking teams තුනක් දායක වුණා. බැලූනයේ ඉහළට යාමේ දී වායුගෝල පීඩනය අඩුවන නිසා බැලූනය 33km පමණ ඉහළට වායුගෝලයට ගොස් ප්‍රසාරණය වී පුපුරා ගියා. ඉන්පසු පැරෂූට් එක මගින් payload එක ආරක්ෂිතව පොළවට පතිත වුණා. payload එක සාර්ථකව recover කරගන්න අපිට හැකියාව ලැබුණා.


Article by : Tharindu Kavinda - Serendib 1.0 Team