Search this site
Embedded Files
SEDS Pera Chapter
  • Home
  • Events
    • Aquilex'21
    • Aquilex Stories
  • Articles
    • BIG BANG THEORY
    • The Evolution and Formation of the Solar System
  • Register
  • About
  • Contact us
SEDS Pera Chapter
  • Home
  • Events
    • Aquilex'21
    • Aquilex Stories
  • Articles
    • BIG BANG THEORY
    • The Evolution and Formation of the Solar System
  • Register
  • About
  • Contact us
  • More
    • Home
    • Events
      • Aquilex'21
      • Aquilex Stories
    • Articles
      • BIG BANG THEORY
      • The Evolution and Formation of the Solar System
    • Register
    • About
    • Contact us

<< Go back

මහා ග්‍රහ සුසංයෝජනය 

ඔබත් මේ දිනවල හිරු බැස ගියාට පසු බටහිර අහස නිරික්ෂණය කලානම් තරමක් විශාල තරු දෙකක් කෙමෙන් එකිනෙකට සමීපවනවා දැක තිබිය හැක. ඇත්තටම මේ තරුද? නෑ. මේ තමා අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයන් දෙදෙනා වන බ්‍රහස්පති සහ සෙනසුරු. ග්‍රහයන් දෙදෙනා අතර සැතැපුම් මිලියන ගනණක දුරක් තිබෙනමුත් 2020.12.21 වන අද දින ඒවා ඉතා ආසන්නවූවා සේ අපට පෙනෙනු ඇත. මෙම සංසිද්දිය මහා ග්‍රහ සුසංයෝජනය (Great Conjunction) ලෙස හැදින්වේ. එහෙමත් නැත්තන් නත්තල් තරුව ලෙස මේ දිනවල බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේද මෙම සිදුවීමමයි. ඒ බයිබලයේ එන නැගනෙහිරින් පැමිණි පාර්සිවරුන් (Magi) විසින් ලුහුබැඳ ගිය තාරකාවත් මෙවැනිම අවස්තාවක් යැයි බොහෝදෙනා විශ්වාස කරන බැවිනි.

අපි දැන් බලමු තාරකා විද්‍යාත්මකව මෙම සිදුවීමේ විශේෂත්වය කුමක්ද කියා.

මෙලෙස බ්‍රහස්පති සහ සෙනසුරු සුසංයෝජනය සිදුවන්නේ ආසන්න වශයෙන් අවුරුදු 20කට වතාවක්. ඒ වගේම තමා මෙය රාත්‍රි කාලයේ නිරීක්ෂණය කළහැකි වීමම ඉතාම දුලබ අවස්තාවක්. එහෙත් මෙම සුසංයෝජනයේ වැදගත්ම කරුණ වනුයේ, ග්‍රහලෝක දෙක මෙතරම් ආසන්නව දිස්වනුයේ අවුරුදු 397කට පසුව වීමයි. මීට පෙර මෙතරම්ම ආසන්න වූයේ 1623දී වන අතර එයද දර්ශනය වී නොමැත. අද දිනයේදී මෙම ග්‍රහයන් දෙදෙනා කලා 6.1ක තරම් ආසන්නයට පැමිණේ.

නිරීක්ෂණයට උපදෙස්

මෙය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැක. අවශ්‍යනම් බයිනෝකියුලයක් භාවිතා කරන්න.

හිරු බැසයන මොහොතේ බටහිර අහස හොඳින් නිරීක්ෂණය කළ හැකි ස්ථානයක් තෝරාගන්න.

හිරු බැසගොස් මිනිත්තු 30කට පසු, එනම් ආසන්න වශයෙන් සවස 6:30 7:30ත් අතර කාලය තුල තරමක් නිරිත දිගට වන්නට අහස නිරීක්ෂණය කරන්න.

ඔබට මෙම ග්‍රහයන් දෙදෙනා ඉතා ආසන්න තාරකාවන් දෙකක් ලෙස හෝ තනි දිගටි ආලෝක වස්තුවක් ලෙසට දර්ශනය වනු ඇත.

දුරේක්ෂයකින් නිරීක්ෂණය කරනනේනම් බ්‍රහස්පති ග්‍රහයාගේ ගැලීලියානු චන්ද්‍රයන් සතරද නිරීක්ෂණය කළ හැක.

රාත්‍රී අහසේ ඉතාමත් චමත්කාරජනක දර්ශනයක් මෙන්ම ඓතිහාසික වටිනාකමක් ඇති මෙම සංසිද්ධිය නැවත නිරීක්ෂණය කළහැකි වනුයේ තවත් වසර 60කින්, එනම් 2080දී බැවින් මෙම දුර්ලභ  අවස්තාව ඔබගේ මතකයන් ගොන්නට එකතුකර ගැනීමට අපි ඔබ සියලු දෙනාටම ආරධනා කරන්නෙමු.

Article  by :Binara  Pamuditha

Design  by :Vidheesha  Abeysinghe

Read on Facebook

Copyright © 2021 SEDS Pera | All Rights Reserved
Report abuse
Page details
Page updated
Report abuse